|

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයෙන් ප්‍රකාශයක් බදාදා ; පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් සති අන්තයේ

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජයේ ස්ථාවරය ලබන බදාදා (28 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් , ඒ පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් සෙනසුරාදා (1) සහ ඉරිදා (2) දිනවල පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තමන් සමග සාකච්ඡා කළ බව යි.

පාර්ලිමේන්තු විවාදය පිළිබඳ තීරණ ගැනීම සඳහා පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවීමට නියමිත ය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට සති අන්තයේ කොළඹ රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති බව ද වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *