|

සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ශ්‍රී ලංකාවට සුබ පණිවිඩයක්

 

ශ්‍රී ලංකාව මෙන් ම ණය අර්බුදයකට මුහුණ දී සිටින සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ණය හිමි රටවල් අතර එකඟත්වයක් ඇති වී ඇති අතර එහි කොන්දේසි ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි වාසිදායක තත්ත්වයක් වර්ධනය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

සැම්බියාව සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ණය කපා හැරීමක් සිදුකොට නැති අතර වසර තුනක සහන කාලයක් සහ ණය ගෙවීමට වසර විස්සක දිගු කාලයක් ලබා දීමට චීනය, ප්‍රංශය ඇතුළු ණය හිමි රටවල් එකඟ වී ඇත.

මෙම මොඩලය ඝානාව , ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙයි.

ණය ගෙවා ගත නොහැකිව 2020 නොවැම්බරයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතූ සැම්බියාවට මෙතෙක් ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි වුයේ ඒ සඳහා චීනය සහ අනෙකුත් රටවල් අතර එකඟත්වයක් නොවු හෙයිනි. මේ වන විට එම එකඟත්වය ලබාගෙන තිබීම ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *