ජයගත යුතු අභියෝගය – මහින්ද රත්නායක

අපේක්ෂාවන් ඒ ආකාරයට ම ඉටු නොවූ නමුත් මෑතක දී  එය ඉටුවණු ඇති බවට ජයග‍්‍රහණයට උරදුන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට තරම්  වූ ප‍්‍රතිසංස්කරණ කිහිපයක් 2015 ජනවාරි 08 වෙනිදා ලැබූ ජනතා ජයග‍්‍රහණයෙන් අනතුරුව සිදුවිය. 19වෙනි සංශෝධනය මගින් සිදුකෙරුණු ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ කිහිපය  වසර 2කකට ආසන්න කාලයක් පුරාවට විකුණා ඇති නමුත් තවදුරටත්  අලෙවි කිරීමට නොහැකි තරමට ඒ භාණ්ඩය  දැන්  පිළිණු වී තිබේ. රාජපක්ෂ පාලනය විසින් සිදුකරන ලද ¥ෂණ හා අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු ඵල රහිත බව, එහි ඇති මන්දගාමී ස්වභාවයෙන්ම පෙන්නුම් කෙරේ. නඩු කල්තබන කාලය දෙස බලන විට මේ ආණ්ඩු කාලය තුළ ඒවා අවසන්් නොන බව ඉතා පැහැදිළි ය. මේ ප‍්‍රමාදය වැළැක්වීම සඳහා පරික්ෂණ කටයුතු අවසන්කර ඇති සිද්ධින් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කඩිනම් කිරීමට නව උසාවියක් පිහිටුවන ලෙස ජනාධිපති හා අගමැති දෙපලගෙන් පුරවැසි සංවිධාන කළ ඉල්ලීම ද තවමත් ඉටුවී නැත. ජනවාරි 08 ජයග‍්‍රහනයට උරදුන් ක‍්‍රියාකාරින් අර කී අපරාධකරුවන්ගේ සහ ¥ෂිතයින්ගේ් සමච්චලයට ලක්වන තරමට චක‍්‍රය නොපිටට කැරකෙමින් තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට ඇත.
මෙයට අමතරව රටේ දේශපාලන හැඩතල මාරුවන සංසිද්ධින් කිහිපයක් පසුගිය සතිය තුළ මාධ්‍යයේ පලවිය. එම සංසිද්ධින් අතර ප‍්‍රධාන සංසිද්ධිය වන්නේ  මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත්කිරීමට වෙහෙස වූ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක්  අගමැතිතුමා ප‍්‍රමුඛ එජාපයට කරන පහරදීම් වලට පෙරළා පහරදීමට එජාප මන්ත‍්‍රිවරු ඉදිරිපත් වීම ය.  පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතාව  ජනාධිපති කිරීමට කැප වූ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපයට කරන මේ පහරදීම්  ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව කෙරෙන්නක් ද යන සැකය සමාජය තුළ ලියලමින් ඇත.   අගමැතිතුමා ප‍්‍රමුඛ එජාපයට කරන පහරදීම් බොහෝ කාලයක් නිහඬව විඳදරා සිටි එජාපයේ මන්ත‍්‍රිවරු කරන මෙම පෙරළා පහරදීම අගමැතිතුමාගේ  අවසරය මත  ආරම්භ වූයේ ද  යන සැකය ද  අනික් අතට මතුවේ. ජාතික ආණ්ඩුවක් ගොඩනැගුවේ, ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්න විසඳිමට යැයි නායකයින් දෙපොළම පවසා ඇත. එසේ තිබිය දී පක්ෂ පදනම් කරගෙන  මැති ඇමතිවරු අන්‍යෝන්‍යයව කරගන්නා මේ විවේචන පාලනය නොකිරීම තුළ  එවැනි සැකයක්  ඇතිකර ගැනීම සාධාරණය. ඒ අනුව ජනාධිපතිතුමා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇතිකරගත් අපේක්ෂාවන් භංගවීම අරුමයක් නොවේ.  පෙනෙන ආකාරයට  උක්ත කරුණු කාරණා සම්බන්ධයෙන් නම් ජනාධිපතිතුමා හා ආණ්ඩුව කෙරෙහි ඇති අපේක්ෂා භංගත්වය යථා තත්ත්වයට පත්කිරීම එතරම් පහසු නැති බව ඉතා පැහැදිළි ය.

සියලූ දෙනා සතුටු කිරීමට යෑම
එජාප හා ශ‍්‍රිලනිප සාමාජිකයින් නොවන්නේ වී නමුත් වත්මන් පාලනය ස්ථාපිත කිරීමට මැදිහත් වූ  ප‍්‍රබුද්ධ සමාජ බලවේගය භංග වූ අපේක්ෂා අතර භංග නොවූ අවසන් අපේක්ෂාවක් ද තිබේ. එය වෙන යමක් නොව එම අපේක්ෂාව වන්නේ  ජාතික ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරන නව ව්‍යවස්ථාවක් ස්ථාපිතකර ගැනීම ය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ අතර ප‍්‍රධාන ය.
කෙටුම්පතක් බවට හෝ තවම පත්වී නැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන මහින්ද  රාජපක්ෂ තම විරෝධය පලකර මාධ්‍ය නිවේදනයක් දැනටමත් පලකර ඇත.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ මූලික අරමුණ වී ඇත. සමාජ බලවේගයන් අතර ඇති ඇතැම් මූලික අභිලාෂයන් පෑහිය නොහැකිි තරමට පරස්පර ය. එහෙයින් රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය  අපේක්ෂිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කෙසේවත් එකඟ නොවන බව දැනටමත් පැහැදිළි ය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අගමැතිතුමා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වූ බවට වාර්තා විය. ආණ්ඩුව නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු එයට ප‍්‍රතිචාර දක්වන බව රාජපක්ෂ මහතා එහිදි පැවසූ බව දැනගන්නට තිබේ. එම ප‍්‍රතිචාරය වන්නේ වෙන යමක් නොව එය කඩාකප්පල් කිරීම  බව ඔහුගේ නිවේදනය අනුවම සිතාගත හැක. එහෙයින් රටේ සියලූම සමාජ බලවේගයන් සතුටු කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යනු ඵලයක් නැති කාලය කා දැමීමකි.  අද අවශ්‍ය වන්නේ සුළුජාතීන් ඇතුලූ රටේ වැඩිදෙනා කැමති වන  ව්‍යවස්ථාවකි.
නායකයින් දෙදෙනා කෙසේ වෙතත්  ආණ්ඩු පක්ෂයේ සිටින සියලූම දෙනා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීම පිළිබඳ එක මතයක නැති බව ඉතා පැහැදිළි ය. 19වෙනි සංශෝධනය පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ද එය පැහැදිළිව පෙනෙන්නට තිබුනි. අවසන් මොහොත දක්වාම රාජපක්ෂලා සමඟ එකඟතාවයක් හදාගැනීමට දැරූ උත්සහය අසාර්ථක වූ පසු ජනවාරි 8 ක‍්‍රියාදාමයට එක් වූ අන්ත ජාතිකවාදි බලවේග හැසිරුනු ආකාරය එයට හොඳ උදාහරණයකි. ජාතික ආරක්ෂාව, ආණ්ඩුවේ ස්ථාවරත්වය වැනි තර්ක මත විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඔවුහු  එදා ද විරුද්ධ  වූහ. එහෙයින් අද පවා ඔවුන් අපේක්ෂා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයකි. සෘජුව මේ බව ප‍්‍රකාශ කිරීමට තරම් ශක්තියක් නැති ඔවුන් එය මහගැර යන්නට අලූත් උපායක් යොදාගෙන ඇත.  එම උපාය වන්නේ  වෙන යමක් නොව නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් අනුමත කරගැනීමට නොහැකි බවටවූ  මතයක් සමාජගත කිරීම ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට කටයුතු කළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රිලනිප  වැඩිදෙනාගේද සහය ද ඔවුන්ට ඇත. ඔවුන් ද කියන්නේ  ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් ප‍්‍රමානවත් බව ය. අවසාන වශයෙන් මෙය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහි රාජපක්ෂ ප‍්‍රමුඛ පරාජිත සමාජ බලවේගවල අවශ්‍යතාවය ඉටුකිරිමක් බව අමුතුනේ සඳහාන් කළයුතු නොවේ.
අවසන් අපේක්ෂාව
මාදොලූවාවේ සෝභිත  හාමුදුරුවන්ගේ  ”සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය” ඇතුළු පුරවැසි සංවිධනවලට නව ව්‍යවස්ථාක් සම්බන්ධයෙන් මුල සිටම පැහැදිළි අදහසක් තිබුණි.  මහින්ද රාජපක්ෂ පලවාහැර විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරගැනීම ඔවුනගේ එකම අරමුණ විය.  රාජපක්ෂගේ පාලනයට එරෙහි සියලූම දේශපාලන නායකයින්ට හා බලවේගයන්ට එක්සත්වීමට බලකෙරුනේ ඒ සටන් පාඨය වටා ය. එසේ නොවන්නට ජනාධිපති ක‍්‍රමය ඉවත්කරන බවට ජනාධිපතිතුමා සෝභිත හිමියන්ගේ නිසළ දේහය ඉදිරිපිට සපථ  නොකරනු ඇත. රට  දැන් ළඟාවෙමින් සිටින්නේ ඒ හෝරාවට ය. නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගෙන ඇත.  එයට අදාළ අනුකමිටු වාර්තා දැන් ප‍්‍රසිද්ධකර තිබේ. ඉදිරි සති කිහිපය තුළ නව ව්‍යවස්ථාවට අදාළ අනිකුත් වැඩකටයුතු ආරම්භ වීමට නියමිත ය.  යෝජිත ව්‍යවස්ථා අරමුණ මුදුන්පත්කර ගැනීමට සිවිල්  හා පුරවැසි සංවිධාන තමන්ට හැකි පමණින්  ජනතාව අවදිකර ගැනීමට මහන්සි ගනිමින් සිටිති.
අය වැය මෙවර ද අනුමත වූයේ පාර්ලිමේන්තුවේ 2/3කට අධික බහුතරයකිනි. එහෙයින් නව ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ලබාගැනීමේ ඇති ගැටලූවක් පෙනෙන්නට නැත.  ගැටළුවක් ඇති වන්නේ නව ව්‍යවස්ථාවකට 2/3ක ඡුන්දයක් ජනමත විචාරණයේ දී ද අවශ්‍ය වන්නේ නම් පමණි. එහෙත් වාසනාවට එතන දී අවශ්‍ය වන්නේ සරළ බහුතර ඡුන්දයක් පමණි. මහින්ද රාජපක්්ෂ පලවා හැරිමට මැදිහත් වූ දේශපාලන පක්ෂ, සිවිල් හා පුරවැසි සංවිධාන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව මේ වනතුරු අත්හැර නැත. මේ අතර සුළු ජාතික පක්ෂ විශේෂ ය. කඩ වූ අපේක්ෂා අතර එම සංවිධානවලට අද ඉතිරි වි ඇති අපේක්ෂාව ද එය පමණි. එහෙයින් ඒ සියල්ල ගත් කළ ජනමත විචාරණයක දී අවශ්‍ය වන සරල බහුතරය එතනම තිබේ. රාජපක්ෂගේ පරාජය සහතික වූ පසු අවසන් මොහොතේ එක් වූ ආන්තික  ජාතිකවාදි සංවිධාන සමහර විට මෙතන දී හැලෙන්නට පුළුවන. එය ආණ්ඩුව තුළ සිටින ඉතාමත්ම තුනී සමාජ තීරුවක් ලෙස සැළකිය යුතු ය. කෙසේ නමුත් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා  ජනාධිපති ධූරයට පත්වීමෙන්  අනතුරුව ආණ්ඩුවට එක්වි සිටින ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රිවරුන් විසින් නියෝජනය කෙරෙන සැළකියයුතු ජනතාවක් සිටිති. ඒ පිරිස ඡුන්දපොලට කැඳවාගෙන ඒම තීරණය වන්නේ නව ව්‍යවස්ථාවට අදාළව දෙන දේශපාලන නායකත්වය මත ය. මෙහිදි ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පැවරී ඇති වගකීම අති විශාල ය.
ජනමත විචාරණයකින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුමැතිය ලබාගැනීමට අපහසු බව සමාජගත කිරීමට අවකාශය සැළසෙන්නේ  ඒ සඳහා කෙරෙන දේශපාලන නායකත්වයදීම  මගහැරෙන ප‍්‍රමාණයට ය. එහෙයින් එයට ඉඩ නොතැබීම ජනාධිපතිතුමාගේ  හා අගමැතිතුමාගේ යුතුකම හා වගකිම වන්නේ ය. එය අතපසු වන්නේ නම් ජනාධිපතිතුමා හා අගමැතිතුමා තම වගකීමෙන් පලාගිය  බවට වූ මතයක් ඇතිවීම වළක්වන්නට නොහැක. එය නායකයින් දෙදෙනාටම යහපත්් නොවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *