පාර්ලිමෙන්තුව විසුරුවන්න සූදානම් ; SJB ජනපති සමග ආණ්ඩු කරන්න සූදානම් !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් මෙම පියවර ගැනීමට ඔහුගේ අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස එල්ලවන බලපෑම්ද මීට බලපා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා කැඳවන ලද පොදුජන පෙරමුණේ හමුවක් සඳහා අදාල ජේෂ්ඨයන් පිරිස සහභාගී නොවීය.

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ද ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් පිහිටුවන තම ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

නව ආණ්ඩුවක් යටතේ ජනාධිපති රනිග් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි කාලය රට මෙහෙයවීමට සූදානම් යයිද සමගි ජන බලවේගය ද දැනුම් දී ඇත.

Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *