මහින්ද නව ව්‍යවස්ථාව හදන්න රනිල් සමග එකතුවේ..!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන්  ඊයේ (09දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති බව වාර්තා වෙයි . . නව ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්දයෙන් මාධ්‍ය හරහා මහින්ද රාජපක්ෂ විවේචනයක් ඉදිරිපත් කලද  ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔහු මෙන්ම එම පිලේ මන්ත්‍රීවරු සක්‍රීයව දායක වෙමින් සිටිති .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *