රුපියල් 452 කින් ගෑස් මිල පහතට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කොට ඇත.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි .
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.
කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *