|

ජනාධිපතිගේ කථාව ; තෘප්තියේ මිටියාවතක්ද ? – carbonnews.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (01)රාත්‍රි 8.00 ට ජාතිය ඇමතුවා.එහිදී ඉදිරි මාර්ග සිතියම පිළිබඳව කරුනු 4 ක් යටතේ ඔහු කරුණු පැහැදිලි කලා.

  1. රාජ්‍ය මුල්‍ය පාලනය
  2. ආයෝජන ප්‍රවර්ධනය
  3. සමාජ ආරක්ෂණ ජාලය
  4. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරනය.

එම කාරනා සියල්ලෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ආර්ථික සංවර්ධනයක් තුලින් රටේ ප්‍රශ්න විසදිය හැකිය යන ස්ථාවරය බව පැහැදිලි යි. නමුත් දේශපාලණය තුල මේ ආර්ථික කාරනා වර නගන විට ඉදිරියට එන සංස්කෘතික කාරනා පිළිබඳව ඔහුගේ පැහැදිලි කිරීමක් හෝ මතයක් දකින්නේ නෑ.

ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය සංස්කෘතික දේශපාලනය විසින් මෙහෙයවෙන්නක්.[ Economy governs by culture ]

ආර්ථික කාරනා වලට වඩා තවමත් මිනිස්සුන්ට ජාතිය, ආගම වැනි සංස්කෘතික දේ අගතීන් ජීවිතය පවත්වාගෙන යාමට වැදගත්. ඊට එරෙහිව දෘෂ්ටිවාදය විවේචනය කිරීමේ ඇජෙන්ඩා එකක් ජනාධිපතිගෙ කතිකාව තුලන නැහැ.

පහළම සිටින පීඩිත ජනයා වෙත සමාජ ආරක්ෂණ ජාලය හරහා මුදල් පොම්ප කිරීමෙන් ඔවුන් පාලනය කරනවා කියන අදහස පොහොට්ටු භුමිය තුල හිතන තරම් පහසු නෑ. ගමට ප්‍රාග්ධනය යනකොට තැති ගන්නා පිරිසක් ඉන්නව ජවිපෙ කියල. සල්ලි කෙලින්ම චරිත රත්වත්ත හරහා පීඩිතයන්ට ගියාම පොහොට්වේ යාන්ත්‍රණය ගම තුල බිඳ වැටෙනව.

මිනිස්සුන්ගේ භෞතික ලෝකය ආර්ථිකය හරහා ශක්තිමත් වූ පමණින් සිය ආත්මීයත්වයේ ඇති ගැටලු විසදෙන්නේ නෑ. මිනිස්සු සිය අතෘප්තිය පවත්වාගෙන යන්නේ විදවීමේ වේදනාව තුල.මිනිස් ජීවිතයේ අවසාන නිෂ්ටාව වන්නේ අතෘප්තිය බව ෆ්‍රොයිඩ් කියන්නේ ඒකයි.

ලංකාව තුල මේ විදවීමේ අකෘතිය දේශපාලනය තුල කලමනාකරනය කරන්නේ ජ.වි.පෙ. වැනි වාමාංශික පක්ෂ විසින්. ඔවුන් මේ විඳවීමට හේතුව ලෙස ඊට වගකියන බාහිර සතුරෙක් හදුන්වාදීමට තරම් දක්ෂයි.

එල්.ටී.ටී.ඊ යේ සිට මුසල්මානුවා දක්වා හා රාජපක්ෂලාගේ සිට IMF දක්වා අපේ විදවීමේ ජීවිතය උරාගන්නා “ස්පොන්ජ්” හදුන්වා දී තිබෙනවා. සෑම විටම නම් කරන බාහිර සතුරා ඉවත්වූ වහාම ඊට ආදේශක ඉදිරිපත් වන්නේ මේ ක්‍රියාවලිය නිසාම යි.

රනිල්ගේ ප්‍රොජෙක්ට් එක තුල, මිනිසුන්ගේ මේ ගැටලුව කෙරෙහි වන බාහිර සතුරෙකු නම් වෙන්නේ නැතිවාක් මෙන්ම එසේ නම් කිරීමෙන් කලමනාකරනය වෙන සමාජය වෙත මතවාදී මැදිහත් වීමකුත් නෑ. [ideological mission ] මේ හිඩැස හිතනවට වඩා භයානකයි. ඒ තුලින් ගමන් කල හැකි දේශපාලනයක් විසින් රනිල්ගේ ප්‍රොජෙක්ට් එක අවුල් කිරීමට නියමිත යි.

මිනිස් ආශාව නිර්මාණය වෙන්නේ අනෙකෙකු හරහා,එය සංතෘප්ත කිරීමෙන් අවසන් වෙන්නේ නෑ. සත්ව ආශාවෙන් මිනිසා වෙන්වෙන්නේ මේ ස්ථානයේදී. මිනිස් ආශාව තෘප්තිමත් වූ වහාම අතෘප්තිය පැනනගිනවා. එසේ නොවන්නට ධනවාදී ක්‍රමයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය එක තැන නතරවිය යුතුයි. මෙහි අනෙක් පසින් සිය ආශාව තෘප්තිමත් නොවී පවත්වාගැනීමේ ආකෘතියක්ද මිනිස් ආත්මය තුල තිබෙනවා.මේක දේශපාලනය ඇතුලේ තීරනාත්මකයි.

රනිල්ගේ ප්‍රොජෙක්ට් එක තුල මිනිසුන්ට ආර්ථික ස්ථායිතාවය හරහා යෝජනා කරන්නේ තෘප්තිය.[ satisfaction ] නමුත් ඊට එරෙහිව මිනිස් ආත්මීය කොටස [subjective side] වැඩ කරනවා. සංස්කෘතික දේශපාලනය තුල නතාශා, ජෙරොම් වැනි අය යෝජනා කරන්නේ මේ විදවීමේ ආකෘතිය. ලංකාවේ පසුගිය දශක කිහිපයක් දෙස හැරී බැලුවහොත් මේ ආකෘතියෙන් මහජනයා පාලනය වී තිබෙනවා පමනක් නෙමෙයි. ඒ හරහා ජනතාව සංවිධානගත කිරීමද පහසු වී තිබෙනවා.

සමකාලීන යුගයේ දේශපාලනය දැනුමින් හෝ අර්ථයකින් පාලනය වන්නේ නෑ. ධනවාදය විසින් යෝජනා කරන ”හැකි තරම් විනෝදවන්න” කියන නියෝගය හරහා මිනිසුන් පාලනය වීමේ බාහිර නීති, රීති තවදුරටත් වලංගු නෑ. බාහිරින් තමන් පාලනය කෙරෙනා පද්ධතිය අවසාන වෙනකොට මිනිසුන් පාලනය වෙන්නේ සිය අවිඥානික ආශාවන් මගින්. මිනිසුන්ගේ පුද්ගලික කාරනා සමාජීය කාරනා ලෙස මතුවෙන අතර සමාජය වෙනුවට පවුල අධිනිශ්චය වෙනවා.

මේ පවතින අවුල් සහගත තත්ත්වය පැහැදිලි කිරීමට සමත්විය හැකි දේශපාලන ව්‍යාපාරයක් වෙතින් මේ දෘෂ්ටිවාදී එලැබුම විවේචනය විය යුතුයි.රනිල් අසමත් වන්නේ සිතන තැනදී නොව ක්‍රියාකරන තැනේදී වීම මේ යුගයේ දේශපාලනය තුල අනිවාර්‍යතාවයක්.

(carbonnews.lk)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *