ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත – තුෂාරා වන්නිආරච්චි

 

ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත.. ඉඩෝරය අවසන් වී වැටෙන වැස්සට පිපෙන මල් ඔවුනට මිණී මල් මෙන් පෙනෙනවා නිසැකය.. මන්ද ඉඩෝරය මතින් ඔවුන් දුටු ඔවුන්ගේ ලෝකයට කණ කොකා හැඬුවාක් මෙන් ඔවුනට දැනෙන නිසාය.

පෝලිම් වල මැරෙන්න ගිය ජාතියක් බේරා ගැනීමට ඉදිරිපත් වුන ඔහුට ගුණමකු ජාතියක් කෘතගුණ සැලකුවේ ඔහුට තිබුන එකම නිවසද ගිණිබත් කර දැමීමෙනි.. මිනිසෙක් වී ඉපිදි මිනිසෙක් ලෙසම මිය යෑම, මිනිසා විසින් මිනිස් කමට දිය යුතු හොඳම වටිනාකම බව ඔහු දනී. එම නිසා ඔහු ඔහුට විරුද්ධව බොරුව ඇත්තක් මෙන් සමාජගත කරපු එදිරිවාදීන් මෙන්  පෙරළා තිරිසන් ගති පෙන්වන්නට ගියේ නැත. ඔහු අදටත් තම යුතුකම තම ජාතිය වෙනුවෙන් නිර්ලෝභව ඉටුකරමින් සිටී.. ජාතියම ගුණමකු වුවත් ඔහු එය තඹයකට මායිම් නොකර මිනිස්කම ඉහළටම ඔසවා තබා ඇත..

මම තමයි කලේ කියන වහසි බස වෙනුවට ඔහු හැමෝම එකට වැඩ කරමු කියන නිහතමානී ඇරයුම නිතර කරමින් සිටී..
තෙල් ටික ,ගෑස් ටික ,කෑම ටික නැතිව මියැදෙන්නට ගිය ජාතියකට මේ වන විටත් ඔහු පණ පොවා අවසානයි.. දැන් ඔහුට තිබෙන්නේ මේ ගොඩනගන ආර්ථිකය ස්ථාවර කර රටේ දුප්පත්ම මිනිහටත් තුන්වේල කා පවුල නඩත්තු කරගෙන ජීවත් වෙන වාතාවරණය සැලසීම පමණකි.. රටේ රැකියා  ඇති වේවි.. ආයෝජන වැඩි වේවී.. විනිමය වැඩි වේවි..
එමෙන්ම නැවත හැමෝටම කාල තෙල වැටෙන්නට පටන් ගනීවි.. රනිල්ගෙන් රට බේරගන්නට සිතේවි.. කුහකයින් සීමාවක් නැතිව රට හැමතැන වැළලෙන්නට හදාවි.. කරන්නට දෙයක් නැත..
රනිල් මේ රට හදල නික්ම යාවි..

තව එක දෙයක්….
රනිල් ඉදිරි සති දෙක අමාරුයි කියනකොට ඒක පිළි අරන් විළි රුදාවෙන් දඟලපු වුන්  ඒ රනිල්ම ඉදිරිය ස්ථාවරයි සුභදායීයැයි කියනකොට ඒ විදිහටම විළි රුදාවෙන් දඟලන්නේ මන්ද කියන එක ප්‍රශ්ණාර්ථයක් නොව. ..,
තමන්ගේ රටවත් ගොඩ යනවට දියුණු වෙනවට අකමැති, ඒ රටේ ප්‍රශ්ණ විසඳෙනවට වගේම අල්ලපු ගෙදර එකාවත් කාල ඇඳල ඉන්නවා දකින්නටවත් අකමැති අංගවිකල කුහක මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණයකි..

– තුෂාරා වන්නිආරච්චි-

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *