දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ ඩොලරය අඩුවෙන්න කලින් ගෙනා භාණ්ඩයි ; මිල අඩුවෙන්න ටික කලක් යාවි – මහ බැංකු අධිපති

දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ ඩොලරයේ අගය අඩුවීමට පෙර ගෙනා භාණ්ඩ නිසා භාණ්ඩ මිල එකවර අඩු නොවන බවත්, ඒ සඳහා පරිවර්තනීය කාලයක් ගතවනු ඇති බවත්, මහා බැංකු අධිපති ආචාර්ය  නන්දලාල වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය,

දේශීය එළවලු මිල ගැන මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ එයට හේතුව අස්වනු ලැබීම  ඍතු කාල  අනුව සිදුවීම බවයි. මෙම කාලයේ එළවලු ලැබීම අඩු නිසා මිල ඉහළ ගොස් ඇති බව ඒ මහතා කීය.

උද්ධමනය ජුලි අග වන විට තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවත්, වසරේ ඉතිරි කාලයේ දිගට ම එම තත්ත්වය පවතිනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *