මාස දෙකකින් උද්ධමනය සියයට 10න් පහළට – මහ බැංකු අධිපති

එළඹෙන ජූලි මාසය අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමක අගයයකට පැමිණෙනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

 

අද පස්වරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

“මහ බැංකුව වශයෙන් රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රධාන වගකීමක්. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපිට මුදල් ප්‍රතිපත්තිය ඉතා දැඩි කරන්න සිදුවුණා. උද්ධමනය අධි-උද්ධමන තත්ත්වයකට යන තර්ජනයක් තිබීම ඊට හේතුවුණා. නමුත් අපි දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හරහා සැප්තැම්බර් මාසය වෙන කොට සියයට 70 න් උද්ධමනය වැඩිවීම නවත්වා ගන්න. ඉන්පසු අපි දැක්කා උද්ධමනය සීඝ්‍රයෙන් පහළට එනවා. ජූලි මාසය අන්තිම වෙනකොට තනි ඉලක්කමක උද්ධමනයක් දැකීම තමයි අපේ පුරෝකථනය.“

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *