රුපියල තවත් පිම්මකින් ඉහළට

 

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 283.87 දක්වා පහත වැටෙමින් අද දින රුපියල තවත් ශක්තිමත් වී ඇත.

ඩොලරයක විකුණුම් මිල අද දින වාර්තා වුයේ රුපියල 297.23 ක් වශයෙනි.

සියලු වාණිජ බැංකුවල  ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ද ඒ අනුව පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ මාස ගණනාවක් තිස්සේ වාර්තා වී ඇති අතිරික්තය මෙම තත්ත්වයට හේතු වී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *