සියයට 2.5 කින් බැංකු පොලිය අඩු කරයි

බැංකු පොලී අනුපාතය සියයට 2.5 කින් අඩු කිරීමට මහ බැංකුව තීරණය කොට ඇත.
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ඊයේ(31) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
මැයි මාසය අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බව මහ බැංකුව සදහන් කරයි.
මේ අතර පසුගිය අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශන ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 454ක ප්‍රේශන ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කළේය.
පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පැවතිය ද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මහ බැංකුව සඳහන් කළේ, මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 591ක් ලෙස වාර්තා වි ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *