පෙට්‍රල් , භූමිතෙල් මිල අඩු කරයි ; සුපිරි වැඩි කරයි

2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිලෙහි වෙනසක් සිදුකර තිබේ.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කර ඇත. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318ක් වේ.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහල යනු ලැබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රුපියල් 385ක් වේ.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යනු ඇත. එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රුපියල් 340 කි.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 245ක් වේ.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රැපියල් 60කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ.
IOC ඉන්ධන මිල ගණන් ද මෙම මිල ගණන් හා සමාගමද සංශෝධනය කෙරෙන බව එම සමාගද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *