මැති ඇමති වරප්‍රසාද වැඩියෙන් ම කපා ඇත්තේ මේ මුදල් ඇමැතියි – මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය

 

බොහෝ කලකට පසු කුඩා ම කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යන්නේත් මැති ඇමති වරප්‍රසාද විශාල ලෙස කපා ඇත්තෙත්, වර්තමාන මුදල් ඇමති යටතේ බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද ප්‍රකාශ කළේය.

ඇමතිවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුප බවත්, කරය මණ්ඩලය තුනෙන් දෙකකින් අඩුකර ඇති බවත්, වියදම් සීමා කොට ඇති බවත්, කී ඒ මහතා ලැබෙන වැටුපට සහ සියලු දීමනාවලට ඉහළ බදු අයකිරීමක් ක්‍රියාත්මක කොට ඇති බව ද කී ය.

මැති ඇමතිවරුන්ට තිබු ලොකු ම වරප්‍රසාදය බදු සහන වාහන බලපත්‍රය යි. එය ද අහෝසි කොට ඇති අතර වාහන ගෙන්වීමට ද ඉඩ දී නැත.

රැස්වීමකින් පසු මාධ්‍ය හමු වේ අදහස් ප්‍රකාශ කරමින් මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *