|

සටනින් පැරදුණු සරසවි ඇදුරෝ ජනාධිපතිගේ හොඳ කියති

 

ආදායම් බදු ඉවත් කර ගැනීමට කළ සටන විසඳුමකින් තොරව අවසන් කළ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය  පසුගිය දා ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවෙන් පසු තම ප්‍රශ්නය ගැන සංවේදී වූ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.

තමන්ගේ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අයි එම් එෆ් ඉදිරි සමාලෝචනයේ දී ඒ ගැන සලකා බලන්නට එකඟ වූ බව ඔවුහු ප්‍රකාශ කරති.

කෙසේ වෙතත්, අන්තර් වාර විසඳුමක් සඳහා කළ ඉල්ලීම ඉටු කළ නොහැකි බව පවසා ඇති ජනාධිපතිතුමා පවසා ඇත්තේ, සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පමණක් බවයි.

මෙය ජනාධිපතිතුමා මුලින් කී අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරමින් සරසවි ආචාර්ය සංගමය තම වර්ජනය ක්‍රියාත්මක කළේය.

දැන් එම සංගමය කියමින් යන්නේ තම ප්‍රශ්නය පසුව විසඳීමට ජනාධිපතිතුමා එකඟ වූ බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *