නිදහස් ඡන්දය වලකා අන්තරේ කැඳවුම්කරු ලෙස පෙරටුගාමියෙක් පත්කර ගනී

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ ගසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්ව විද්‍යාල ගණනාවක් ඡන්දය දීමෙන් ඉවත් කර තමන්ගේ විශ්ව විද්‍යාලයේ ද බලයක් නැති දේශපාලන ක්‍රියාකාරිකයකු කැඳවුම් කරු ලෙස පත් කරගෙන ඇත.

පේරාදෙණිය, රුහුණ, මොරටුව , සවුන්දරය ඇතුළු විශ්ව විද්‍යාල සහ පීට ගණනාවක ශිෂ්‍ය සංගම් මෙම නිලවරණයට සහභාගී වීම වළකා මෙම පත්කිරීම සිදුකොට තිබේ. එමෙන් ම තරඟකාරී විය හැකි කිහිප දෙනෙකු ගේ සාමාජිකත්වය තහනම් කිරීමට ද කල් තියාම පියවර ගෙන ඇති බව ද වත වෙයි.

පසුගිය 14 වන දින වසන්ත මුදලිගේගේ ධුර කාලය අවසන් වීමත්  සමඟ පුරප්පාඩුවූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ධූරය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලයක් නොදරන  මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත්තේ ඒ ආකාරයෙනි.

මේ වන විට 28 හැවිරිදි මධුෂාන් 2015 වර්ෂයේදී උසස් පෙළවිභාගයට පෙනී සිටවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නැති අතර මේ වන විට පන්ති තහනමකට ලක්ව සිටින්නේ උප කුලපතිවරයට කුණුහරුපයෙන් බැනීමේ චෝදනාවක් සඳහා ය. ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුර්ණ කාලීනයකු ලෙස ක්‍රියාත්මකව සිටින්නෙකි.

මධුෂාන් සිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට කුණු හරුපෙන් බැන වැදීමක් සම්බන්ධව චෝදනා ලබාමේ වන විට වසර දෙකක පංති තහනමකට ලක්වඇත. මේ සම්බන්ධව ඔහුගේ පියා විසින්උපකුලපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්කර තිබූ නමුත් එම අභියාචනය සලකා බැලීමට  උපකුලපතිවරයා පසුගිය 19 වන දින ඔහුව කැඳවා තිබුණද මධුෂාන් එයට සහභාගී නොවී කොළඹට පැමිණ තිබිණි.

හදිසියේ පුරප්පාඩු වූ අන්තරේ කැඳවුම්කරු ධූරය සඳහාවිශ්ව විද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් හරහායෝජනා කිහිපයක් පැමිණියද ඒවා වලක්වාලමින් මධුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු ලෙස පත්කිරීම උදෙසා පිටිය සකසමින් සිටි බව වාර්තා වී තිබිණි.

ඒ අනුව පේරාදෙණිය, රුහුණ ඇතුලු විශ්ව විද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී කර නොගත් අතර එසේ සහභාගී කර නොගැනීමට විරෝධය පලකරමි සෞන්දර්ය  විශ්ව විද්‍යාලයීය මහාශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් කිහිපයක් නිළවරණය වර්ජනය කළ  බවද වාර්තා වේ.

මේ අනුව මධුෂාන් සඳහා එකඟතාව පල කල මහා ශිෂ්‍ය සංගම් වන්නේ අග්නිදිග, නැගෙනහිර, කැළණිය, රජරට, විවෘත යන විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම් පමණි. මීට අමතරව පෙරටුගාමී පක්ෂයට හිතවත් පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් ඔහුට පක්ෂව අදහස් පලකර ඇත.

වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් ‍රොඩ්‍රිගු, කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි යන ශිෂ්‍ය නායකයින් අන්තරයෙන් ඉවත් කිරීමට මීට පෙර සැසිවාරයේ දී තීරණය කර තිබූ අතර එමගින්  මධුෂාන්ට තේරී පත්වීම සඳහා අවස්ථාව සලසා තිබිණි.

නිළවරණය සඳහා ප්‍රධාන විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් කිහිපයක්ම සම්බන්ධ කර නොගැනීමට තීරණය කරඇත්තේ එම මහා ශිෂ්‍යසංගම් තුල ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් සිටින නිසායැයි පැවසේ. මෙලෙස ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් නිළවරණයයෙන් ඉවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් එක්ව කටයුතුකර ඇති බවද වාර්තා වේ. එමෙන්ම පේරාදෙණිය මහාශිෂ්‍ය සංගමය ඉවත් කිරීමට තවත් හේතුවක්ව ඇත්තේ මධුෂාන් පේරාදෙණිය මහාශිෂ්‍ය සංගමයේ හෝ නායකයකු නොවීමත්, එම නිසා පේරාදෙණියෙන්ම  පැමිණිය හැකි විරෝධය වැලැක්වීමටත් බවද කියැවේ.

තවද අනෙකුත් ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී වීමවැළක්වීම සඳහා අන්තරේ සැසිවාරය පෙර දැන්වූපරිදි කැළණිය විශ්වවිද්‍යාලයේ නොපවත්වා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට තීරණය කරතිබූ අතර එය අදාල පාර්ශව වෙත දන්වා තිබුනේ 20 දින, එනම් නිළවරණය පැවැත්වෙන දිනයේ අලුයමදීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *