ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සාර්ථකයි ; පොලී අනුපාතත් පහළට

 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ පැවැත් වූ ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සාර්ථක වී ඇති අතර පොලී අනුපාත ද පහළ වැටී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ  (17) දිනයේ දී රු. මිලියන 180,000 ක  මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකරන ලදී.

මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුකරන ලැබූ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වේ.

අද දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබූ අතර රු. මිලියන 261,351 ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි.

ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබීය.

පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී අද වෙන්දේසියේ දී එක් එක් පරිණත කාණ්ඩයන් සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී ඇත.

ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොළිය 25.88% සිට 25.47% ක් දක්වාත්, දින 182 බිල්පත් පොළිය 25.42% සිට 25.22% ක් දක්වා සහ දින 364 බිල්පත් පොළිය 23.14% සිට 22.79% ක් දක්වා පහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *