සටන නවතා දැමූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති හමුවීමේ අවස්ථාවක් ලැබෙයි

 

තමන් ක්‍රියාත්මක කොට තිබු උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම වර්ජනය අතහැර දැමූ සරසවි ආචාර්ය සංගමයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ.

අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බව එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමට අනුව එම හමුව පැවැත්වීමට නියමිතව තිබේ. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑත කාලයේ එම සංගමයට ලබා දුන් සිව් වැනි සාකච්ඡාව බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, අද සාකච්ඡාවේ දී , වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *