අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ? දිව්රුම් දීම අද උදේ

 

 

උතුර සහ නැගෙනහිර සහ වයඹ  පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  අද  (17) පෙරවරුවේ දිවුරුම් දෙති.

වයඹ පළාත් අාණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායක මහත්වරුන්ගේ නම් ද ආණ්ඩුකාර තනතුරු සඳහා යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි  ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය  නිවේදනය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා,නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස  වසන්ත කරන්නාගොඩ මහත්ම මහත්මීහු  කටයුතු කළහ

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *