ජනාධිපතිවරණය කලින් තියන ව්‍යවස්ථා සංශෝධනයකට සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ රජයේ  යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය.

අද විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ රජයේ කාලසටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවය.

ජනාධිපතිවරණයෙන් පසු පළාත පාලන මැතිවරණය පවත්ග්වන බව ද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *