ජනක ඉවත් කෙරෙන යෝජනාව න්‍යාය පුස්තකයට

 

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7(අ) (¡¡¡] සහ 7(අ) (v) ප්‍රකාරව එම සභාපති ධූරයේ සහ සාමාජිකත්වයේ තවදුරටත් කටයුතු කරගෙන යෑමට නුසුදුස්සකු බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ 2023 අප්‍රේල් 18 දින ඇති වාර්තාවෙන් දන්වා ඇතැයිද ඒ අනුව රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටින්නේ යැයිද න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති මෙම යෝජනාවේ දැක්වේ..

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *