නාස්තිකාර රාජ්‍ය ආයතන 430 ක් ගැන දැඩි තීන්දු

 

රජයේ මුදල් සහ සම්පත් නාස්ති කරමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 430 ක් ප්‍රතිව්‍යුහගත කරණයට , විකිණීමට හෝ වසා දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

එම රාජ්‍ය ආයතන මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒවා පිළිබඳ මෙම වසර තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා  බව මුදල් අමාත්යංශය ප්‍රකාශ කරයි.

කිසිදු කාර්යයක් ඉටු නොකරන නමුත් කාර්යාල සහ සේවක පිරිස් ඇති ආයතන ද මේ අතර වන බව වාර්තා වෙයි. එබඳු ආයතන වසා දැමීමට නියමිත ය. ලංකා සිමෙන්ති සංස්ථාව ඇතුළු ආයතන සියයක් පමණ එලෙස වසා දමන බව කියති.

ඇතැම් ආයතන පාඩු ලබමින් පවත්වාගෙන යන අතර නාමිකව ලාභ ලබන බව පෙන්වන නමුත් ඒවාට යොදවා ඇති සම්පත්වලට ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලබන ආයතන ද ඇති බව කියති. එම ආයතන විකුණා දැමීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ තීරණය කොට තිබේ.

මෙම වසර අවසන් වීමට පෙර මෙම කටයුතු නිම කිරීමට මුදල් අමාත්‍යංශය  සැලසුම් කොට තිබේ.

එමගින් මහජනයාගේ බදු මුදල් නාස්ති වීම අවම කළ හැකි වන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *