සමාජ මාධ්‍යයෙන් මහින්ද අගමැති ! කොළඹ ආරක්ෂාව තර කෙරෙයි

 

හිටපු ජනාධිපති, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නැවතත් අගමැති ලෙස දිවුරුම් දෙන බව සමාජ මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි.

පසුගිය වසරේ මැයි 9 දා ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස නැවත දිවුරුම් දෙන බව එම වාර්තා මගින් ප්‍රකාශ කොට තිබිණි.

මේ අතර කොළඹ නගරයේ ආරක්ෂාව ද ඊයේ රාත්‍රී සිට වැඩි කොට තිබිණි. පොලිසිය ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරකට අනුව ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *