නීති විරෝධී යැයි සජිත් කියූ වජිරගේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මතයි

 

භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමට රාජ්‍ය  මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපති වජිර අබේවර්ධන මහතාගේ අනුමැතියෙන් ගෙනා යෝජනාව නීති විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ ද , එයට පරිලිමෙන්තුවේ ඡනදයකින් තොරව අනුමැතිය හිමි වී තිබේ.

භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීමේ සීමාව බිලියන දහසකින් ඉහළ නංවා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටු අනුමැතිය ලබා දී ඇත්තේ වජිර අබේවර්ධන මහතා වැඩ බලන සභාපති වශයෙන් කටයුතු කරමින් ය. එය නීති විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ ද රජය ප්‍රකාශ කළේ එලෙස වැඩබලන සභාපතිවරයකු යටතේ කමිටුව කටයුතු කිරීම නීත්‍යනුකුල බව යි.

කෙසේ වෙතත්,  යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *