ශ්‍රී ලංකාවට ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉහළට

 

ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ සෘජු ආයෝජන (FDI) , අර්බුදකාරී වසරක් වී තිබිය දී පවා, 2022 දී ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය බවත්,  2018 න් පසු පළමු වරට යටිතල පහසුකම් අංශයට ඉහළම සෘජු විදේශ ආයෝජන ගලා ඒම දක්නට ලැබුණු බවත්,   මහ බැංකු වාර්තාවේ  දත්ත මගින් පෙන්නුම් කරයි..

ඒ අනුව, ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ලියාපදිංචි සමාගම්වලට ලැබුණු ණය ඇතුළුව විදේශ ආයෝජන  ගලා ඒම, 2021 දී වාර්තා වූ ඩොලර් මිලියන 780.2 ට සාපේක්ෂව, 2022 දී ඩොලර් මිලියන 1,075.66 දක්වා,  37.9% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත විදේශ ආයෝජන  ගලා ඒම BOI සමාගම් වෙත ලැබෙන මුළු විදේශ ආයෝජන ගලා ඒමෙන් 54.0% ක් පමණ වූ අතර, 2022 දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කොට තිබේ. එය  2022 දී විදේශ ආයෝජනවල  සමස්ත වර්ධනයට  විශාල වශයෙන් දායක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *