පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට ; සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ දරනු ලැබීය.

මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබා දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි.

ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 04 දේශීය ආදායම් සංශෝධන පනත වශයෙන් බලාත්මක වනු ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබද කාරක සභාව අද (11) රැස්වීමට නියමිතව තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිත අතර ඊට ජාතික රක්ෂණ භාර අරමුදල කැඳවා ඇති බව වාර්තා වේ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *