ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකු ඉවතට

 

ඒ ඒ පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  ලැබුණු පැමිණිලි මත පළාත් ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකුට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය නියෝග කර තිබේ.

ඒ අනුව එම තීරණය අනුව ඉල්ලා අස්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ට දැනුම් දී තිබේ.

බ්‍රිතාන්‍යයේ නව තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසු නව ආණ්ඩුකාරවරුන් නම් කිරීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *