රනිල්ට ජනාධිපතිවරණයට යන්න සජිත්ගේ සහය ; සජබ නොකැඩීමට ප්‍රති උපකාර

 

හදිසි ජනාධිපතිවරණයකට  යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළහොත් එයට එයට ව්‍යවස්ථාමය බාධා ඇත්නම් ඉවත් කර ගැනීමට තම පක්ෂයේ සහය ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එකතු වීම වලක්වා ගැනීම සඳහාත්, විපක්ෂ නායක ධුරය ආරක්ෂා කර ගැනීම සඳහාත්, සජිත් ප්‍රේමදාස මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවේ දී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පවතින ව්‍යවස්ථාමය තත්ත්වය යටතේ එබඳු සහයක් අවශ්‍ය නොවිය හැකි බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ වැඩ කටයුතුවල දී විවේචනාත්මක සහය දෙන බවටත්, එබැවින් පක්ෂයේ පිරිස් ආණ්ඩුවට ගෙන තම දුර්වල නොකරන ලෙසත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කර ඇත්තේ ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා තෙවැනි පාර්ශවයක් මගින් කළ ඉල්ලීමක ප්‍රතිඵල වශයෙනි.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස විපක්ෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකළ අතර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළට විරුද්ධව ඡන්දය දීමෙන් සජබ වැළකී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *