රනිල්ගෙන් ඇමතිකම් නොඉල්ලන්න පොහොට්ටුව තීරණය කරයි

 

 

තමන්ට ඇමතිකම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තවදුරටත් ඉල්ලා නොසිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

තමන් දිගින් දිගට කරන ඉල්ලීම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොතකා හැරීම නිසා තව දුරටත් ඉල්ලීම් කිරීමේ තේරුමක් නැති බව එම කණ්ඩායමේ නිගමනය වී ඇතැයි කියති.

තමන්ගේ ජෙෂ්ට හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුට නැවත කැබිනට ඇමති තනතුරු ලබා දෙන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රබලයින් දිගින් දිගට කළ ඉල්ලීමට ජනාධිපතිතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

වත්මන් ඇමති මණ්ඩලය තව දුරටත් විශාල නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *