ආචාර්ය සංගමයට කොකා පෙන්වා ආචාර්යවරු උත්තර පත්‍ර බැලීමට කලින් ම ඇවිත්

 

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සහභාගීවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කරන්නට පෙර සිට විශ්ව විද්‍යාල ආචාර්යවරු විශාල පිරිසක් උත්තර පත්‍ර පරීක්ෂාවට සහභාගී වී සිටි බවත්, එමගින් ආචාර්ය සංගමයේ වර්ජනය බොහෝ දුරට අසාර්ථක වී තිබු බවත් , විභාග දෙපාර්තමේන්තු නිලධාරීහු ප්‍රකාශ කරති.

එම ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් උසස් පෙළ විෂයයන් හතලිහක පමණ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගිය අප්‍රේල් 24 දා ආරම්භ කළ අතර මේ වනවිට එයින් විශාල ප්‍රමාණයක වැඩ අවසන් කොට ඇත.

උසස් පෙළ විෂයයන් 63 ක් අතරින් 52 ක් සඳහා ම අවශ්‍ය උත්තර පත්‍ර පරීක්ෂකවරුන් පසුගිය 3 දා වනවිට සේවයට පැමිණ සිටියහ. ඉතිරි විෂයයන් සඳහා ද ආචාර්යවරුන් පිරිසක් කැමැත්ත ප්‍රකාශ කොට තිබිණි. තවත් පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ ආචාර්ය සංගමය ඔවුන්ගේ වර්ජනය අත් නොහැරිය හොත් තමන් එම තීරණ නොසලකා උත්තර පත්‍ර බැලීමට එක්වන බව යි.

තම වර්ජනය අවසන් කිරීමට ආචාර්ය සංගමය තීරණය කරන්නේ ඔවුන්ගේ සාමාජිකයින් සංගමයේ තීරණ නොසලකා සේවයට පැමිණ සිටිය දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *