ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල්වලින් ඉහළ ගියත්, ඩොලර් වලින් පහළට

 

 

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී රුපියල් අගය අනුව ඉහළ ගොස් ඇතත්, ඩොලර් වටිනාකම වශයෙන් අඩු වී ඇති බව වාර්තා වෙයි.

2022 වසරේ දී එය  එක්සත් ජනපද ඩොලර් 3,474 ක් ලෙසින් සටහන් වී ඇත. 2021 වසරේ දී මෙම අගය ඩොලර් 3,997 ක් ලෙසින් වාර්තා වී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී ඩොලර් 523 කින් අඩු වී ඇත.

කෙසේවෙතත් රුපියල් වටිනාකම අනුව ඒක පුද්ගල ද.දේ.නි. 2021 වසරේ දී පැවති රු. 794,376 ට සාපේක්ෂව, 2022 වසරේ දී රු. 1,088,667 ක් දක්වා වර්ධනය වී තිබේ.

රුපියල් වටිනාකම අනුව ඒක පුද්ගල ද.දේ.නි.හි ඉහළ යෑම සඳහා පවත්නා මිල අනුව ද.දේ.නි.හි දක්නට ලැබුණු වර්ධනය බලපාන ලද අතර, එ.ජ. ඩොලර් අගය අනුව ගණනය කරන ලද ඒක පුද්ගල ද.දේ.නි. අඩු වීම කෙරෙහි එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම හේතු වී ඇත..

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *