උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරු තීරණය කරති

උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාදවී තිබේ.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් එම ක්‍රියාමාර්ගය අත්හැර පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට අද පැවති විධායක සභා රැස්වීමේ දී තීරණය කළ බව මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *