චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යය ට

ජනපති බ්‍රිතාන්‍යය ට

‍තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අද අලුයම ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය බවය.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) දිනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතය.

මේ අතර චාල්ස් රජු  රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *