අභාග්‍යයට වගකිව යුත්තේ වම පමණ ද ? දකුණ අහිංසක ද ? -නිශාන්ත කමලදාස

පසුගිය දිනෙක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග මා කළ සාකච්ඡාවක් අතරතුර ශ්‍රී ලංකාවේ අභාග්‍යයට වගකිව යුත්තේ දේශපාලන වම සහ ආගම යනුවෙන් ඔහු කරන යෝජනාවට මම එකඟ වීමි. ඒ සමග මා කීවේ දාර්ශනික ආගමෙන් වෙනස් වී ඇති වර්තමාන ආගමික සංස්කෘතිය ද එයට වග කිව යුතු බව යි.

කෙසේ වෙතත්, රටේ අභාග්‍යයට දේශපාලන දකුණේ වගකීම ගැන කතා නොකිරීම අපගෙන් වූ අඩුපාඩුවකි. එම ඇතැම් කරුණු ගැන මේ අවස්ථාවේ කතා කිරීමට උත්සහ දරමි.

මුල් කාලීන දකුණ නියෝජනය කළ ඩී එස් සේනානායක නියෝජනය කළේ අතීතය වෙත ගමන් කිරීමට උත්සහ දරන පසුගාමී මතවාදයකි. විමල සුරේන්ද්‍ර වැන්නන් නියෝජනය කළ කාර්මික සංවර්ධනය පිලිබඳ අදහස් ඔහු ප්‍රතික්ෂේප කළේය.

එමෙන් ම දෙමල ප්‍රදේශවල සිංහල ජනාවාස හැදීමට ක්‍රියා කළ ඔහු ජනවාර්ගික ප්‍රශ්නයේ මුල් බීජ නිර්මාණය කළේය.

පසුකාලීනව ශ්‍රීලනිපය රාජ්‍ය භාෂාව සිංහල පමණක් බව කියන විට කොල්වින් ඇතුළු වම එයට විරුද්ධ වී ය.

පසුකාලීනව ජාතිවාදී ගැටුම් නිර්මාණයට වම සහ නව වම ද විශාල ලෙස දායක වී ය.

එයට වෙනස් මගක් ගත්තේ විජය කුමාරතුංග වැන්නෙකි.

දකුණ මෙරටට කළ විශාලතම හානිය නම් දුෂණය වංචාව රජ කරන තත්ත්වයක් රටේ ඇති කිරීම යි. එය රටේ සංවර්ධනයට සහ විදේශ ආයෝජනවලට බරපතළ හානියකි.

කෙසේ වෙතත්, වම කළ කඩාකප්පල්කාරී ක්‍රියාවලියට තිබෙන විවේචනය ඉවත් කරගත නොහැකිය.

මෙම අදහස් සහ රටෙදෙශපාලන ගමන්මග පිලිබඳ නිශාන්ත කමලදසගේ අදහස් ඈතුලත් වීඩියෝව පහතින් ….

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *