|

දෙසිය ණය ප්‍රතිව්යුහගතකරණයෙන් බැංකු බිඳවැටීමේ අනතුරක් නැහැ – වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ

 

මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බැංකු ක්‍රමය අස්ථාවර නොවිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ථාවරය වී ඇති බවත්, එහෙයින් බැංකු අස්ථාවර වනු ඇතැයි බියක් ඇතිකර නොගත යුතු බවත් වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ මහතා ප්‍රකාශ කරයි.

මෙහි දී බැංකු තැන්පතුකරුවන්ගේ තැන්පතු කැපීමක් කිසිසේත් සිදු නවන බවත්, ලාබ අඩුවීමක් වුවහොත් එය බලපාන්නේ කොටස් හිමි සුළු පිරිසකට බවත් ඒ මහතා කියයි.

වෙනත් රටවල ක්‍රියාත්මක කළේ බැංකු සඳහා රක්ෂණ ක්‍රමයකට සමාන ක්‍රමයක් ක්‍රියාවට නැගීම බව ද ඒ මහතා කියයි.

සිරස රුපවාහිනියේ මාවත වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ දැන ගනිමින් සිටින පියවර අසීරු වුව ද අනිවාර්යයෙන් ගත යුතු බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *