පවුල් ලක්ෂ හතරහමාරක් හොරට සමෘද්ධිය අරන්

 

මෙරට පවුල් ලක්ෂ හතරහමාරක් සුදුසුකම් නැතිව සමෘද්ධි සහනාධාර ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව ඉදිරියේ කළ පරීක්ෂණයේ දී හෙළිදරව් වී තිබේ.

සමස්ත සමෘද්ධි ලැබී පවුල් සංඛ්‍යාව 1,648,000 ක්  වන අතර එයින් ඉහත කී සංඛ්‍යාව සියයට 33 කට සමාන ය.

සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පවුල් 150,979 කට එම ආධාර නොලැබෙන බව ද එහි දී හෙළිදරව් වී තිබේ.

පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී කළ විමසුමක දී මෙම තොරතුරු හෙළිදරව් වී ය.

එහි දී කතා කළ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා කීවේ තම ප්‍රදේශයේ තට්ටු දෙකේ ගෙවල් ඇති අයත්, අක්කර දෙක තුනක තේ ඉඩම් ඇති අයත්, ත්‍රී වීල් සහ වාහන ඇති අයත්, සමෘද්ධි ආධාර ලබමින් සිටින බව යි.

එමෙන් ම සමෘද්ධි ලබන ඇතැමුන් මස ගණනකින් එම මුදල් බැංකුවෙන් ලබා නොගෙන අකතු වූ පසුව ලබාගන්නා බව ද එහි දී හෙළිදරව් වී ය. එයින් පෙනී යන්නේ එම පිරිස ඉතා දිළිඳු නවන බව යයි ද කෝපා කමිටුවේ දී ප්‍රකාශ වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *