ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කරන්නේ සංශෝධනවලින් පසුව යි -අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

 

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කොට සංශෝධනය කිරීමෙන් පසුව බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට හදිසියක් නැති බව ද ඒ මහතා කී ය.

පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරීමට තීරණය වුයේ පවතින පනතට ඇති විරෝධය හේතුවෙනි.

කෙසේ වෙතත්, කෙටුම්පත් කොට ඇති නව පනතේ ඇතැම් වගන්ති අවභාවිතයට ඉඩ ඇති ලෙස සකස්කොට ඇති බවට බරපතළ විවේචන එල්ල වී තිබිණි.

ඒ අනුව පනත යලි සංශෝධනය කිරීමට රජය තීරණය කොට ඇත.

ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට කීවේ පනත යලි ඉදිරිපත් කරන්නේ පුළුල් එකඟතාවයකින් පසුව බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *