ශ්‍රී ලංකාවේ නව පිරිපහදුවකට චීනයෙන් ආයෝජනයක්

 

ශ්‍රී ලංකාවේ නව පිරිපහදුවක් ඇරඹීමට චීනයේ සිනොපෙක් සමාගම සුදානම් බව මෙරට චීන තානාපති චී ෂේන් වොන් මහතා ප්‍රකාශ කරයි.

මෙරට ඉන්ධන පිරවුම් හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට පැමිණෙන සිනොපෙක් සමගම නව පිරිපහදුව සඳහා ඩොලර් මිලියන 120 ක් 140 ක් අතර මුදලක් ආයෝජනය කරනු ඇති බව චීන තානාපතිවරයා කියයි.

ශ්‍රී ලංකාවේ දැනට ඇති පිරිපහදුව නවසිය හැට ගණන්වල ඉදිකට එකක බවත්, චීනය නව තාක්ෂණයෙන් යුත් පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට සුදානම් බවත්, ඒ මහතා ප්‍රකාශ කරයි.

අද මහනුවර දී මහ නෑ හිමිවරුන් හමුවීමෙන් පසු ඒ මහතා මේ තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *