අයි එම් එෆ් ගිවිසුම වැඩි ඡන්ද 95 කින් සම්මතයි ; පක්ෂව 120 යි; විරුද්ධව 25 යි.

 

ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වූ  ගිවිසුම අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95 ක් ලබා සම්මත වී ය.

එයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 25 කි.

සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

මෙම ගිවිසුම පරලිමෙන්තුවට ඉදිරිපත් කිරීමහෝ සම්මත කිරීම නීතිමය අවශ්‍යතාවයක් නොවුන ද, ඒ පිළිබඳව පවතින විවේචනවලට ඉඩ දීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ය.

ඒ අනුව ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාවට නැගීමට රජයට ශක්තිය ලබා ගැනීම මෙමගින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *