උද්ධමනය සියයට 15 කින් , ආහාර උද්ධමනය සියයට 20 කින් අඩුවෙයි.

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 50.3ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙය සියයට 15 ක අඩුවීමකි.

මාර්තු මාසයේ දී සියයට 50.3ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 30.6ක් දක්වා අඩුවී තිබේ.

එය සියයට 20 ක අඩුවීමකි.

ආහාර නොවන කාණ්ඩයේ සියයට 51.7ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 37.6ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *