විදුලි පරිභෝජනය අඩු වූ කතා බොරු ; එය තවත් වැඩි වෙලා – ඇමති කංචන විජේසේකර

රටේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ වෙනත් පිරිස් ගෙනගිය ප්‍රචාර බොරු වී ඇති බවත්, දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45 ක් වනු ඇතැයි ගණන් බලා තිබුණ ද පසුගිය සතියේ එය ගිගාවොට් පැය 50 ඉක්මවා ගිය බවත්, මේ වන විට ගිගාවොට් පැය 47 ක් වී ඇති බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

කර්මාන්ත බිඳ වැටී ඇති බවට සහ එමගින් විදුලි ඉල්ලුම අඩු වී ඇති බවට ගෙන ගිය ප්‍රචාර මේ නිසා බොරු වන බව ද ඒ මහතා කීය.

ඉන්ධන  බෙදාහැරීම සඳහා සමාගම් ලබන මස මැද පැමිණෙන බව සහ ඇතැම් යටිතල පහසුකම් ඔවුන්ගේ වියදමෙන් සැපයීමට කටයුතු කරන්නට ඔවුන් පොරොන්දු වී ඇති බවත් ඒ මහතා කීය. එමෙන් ම විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම ද කඩිනමින් කරන බව ඇමතිවරයා පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙනිම් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *