ලංකාවේ රිලවුන්ට චීනයෙන් වීසා අනුමතයි ! – ලිපි ලේඛන ලැබුණු බව අමාත්‍යාංශය කියයි


 

රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි .

චීනයේ සත්වෝද්‍යාන  සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන යාමට චීනය පාර්ශවයෙන් ලබාගත් අනුමැතිය සහිත ලේඛන සියල්ල අදාල සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදී ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකශ කොට ඇත

චීනයට රිලවුන් ගෙන යාම සම්බන්ධයෙන් චීන සමාගමකින් ලැබුණු ඉල්ලීම  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පත් කරන කැබිනට් අනුකමිටුවේ නිර්දේශ මත මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට නියමිතය.

මුලින් රිලවුන් පන්සියයක් ලබාදෙන්නැයි අදාල චීන සමාගම ඉල්ලා තිබූ බවත් චීන පාර්ශවයේ අනුමැතිය ලැබීමෙන් පසු මුලින්ම රිලවුන් 1500ක් ලබා දෙන ලෙස අදාල සමාගම දැනුම් දුන් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය  සඳහන් කරයි.

පසුව පියවරෙන් පියවර රිලවුන් ලක්ෂයක් පමණ එම සමාගම විසින් ඉල්ලුම් කර තිබේ.

රිලවුන් අාරක්ෂිතව අල්ලා ගැනීම ඇතුළු සියලු වියහියදම් චීන සමාගම විසින් දරන බවත් මෙම රිලව් චීනයට ලබා දෙන්නේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට රිලවුන්  ලක්ෂ 30ක් පමණ සිටින බවට සංගණනය  කර ඇති අතර වගා හානි කරන සතුන් අතර රිලවා ප්‍රමුඛ ස්ථානයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය  පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *