විමල්ගේ පොත ප්‍රබන්ධයක් – මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග්

 

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ එළිදැක්වූ ග්‍රන්ථය සැලකිය යුත්තේ ප්‍රබන්ධයක් ලෙස බව මෙරට ඇමෙරිකානු ජනාධිපතිනි ජුලි චන්ග් මහත්මිය ප්‍රකාශ කරයි.

එබඳු  ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව  ජූලි චන්ග් මහත්මිය පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.

එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති සමග රනිල් වික්‍රමසිංහ මහතා ද බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිනිය උත්සහ කළ බව ඇතුළු චෝදනා රාශියක් වීරවංශ මහතා තම පොත මගින් එල්ල කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *