ආචාර්ය වරුන්ට ජනාධිපති සාකච්ඡා තුනක් දුන්නා – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

 

ජනධිපතිවරයා සමඟ අවස්ථා තුනක දී සාකච්ඡා ලබා දී තිබිය දී තවත්  සාකච්ඡාවක් අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දෙනුවත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටින බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කරන්න සුදානම්. ඒ වගේම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඒ සඳහා ලබාදිය යුතුයි කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කළා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවස්ථා තුනක දී ජනාධිපතිතුමා කැඳවලා සාකච්ඡා කරලා, ඇයි බදු අයකෙරේ ? කෙටි කාලයක් ඉවසන්න කියන ඉල්ලීම කරා. ඒ වගේම මේ අයගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සහන ගන්න. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාලෝචන සැසියේ දී ජූලි – සැප්තැම්බර් මාසවලදී මේ යෝජනා ඉදිරිපත් කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ කරනකොට මේ වගේ කොන්දේසි දාන එක එච්චර ගැළපෙන්නේ නෑ කියන එක තමා මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ. මේක දරුවන්ගේ ප්‍රශ්නයක්. අපි ඒකට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ.”

මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරු විදුහල්පතිවරු සුදානමින් සිටින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *