කොළඹ වරායට චීනයෙන් තවත් දැවැන්ත ආයෝජනයක්

කොළඹ වරායට චීනයෙන් තවත් දැවැන්ත ආයෝජනයක්

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබේ.

එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392කි.

එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබේ.

එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම් අතර සමසේ බෙදී යයි.

එය ගොඩනැගීමට නියමිතව ඇත්තේ කොළඹ වරාය නගරයට ආසන්නයේ ය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *