උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ලෙස දැක්වුණි.

පෙබරවාරි මාසයේදී සියයට 49ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 42.3ක් දක්වා අඩුවී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ සියයට 57.4ක් ව පැවති උද්ධමනය මාර්තු මාසයේදී සියයට 54.9ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මාර්තු මාසයේ වාර්තා වූ උද්ධමනය මාස 10කට ආසන්න කාලයකට පසු වාර්තා වූ අඩුම උද්ධමන අගය වීම විශේෂත්වයකි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *