වියදමට අනුව ඉන්ධන මිල , විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ඇමති අතට ගන්න – මුල්‍ය අරමුදලේ කොන්දේසියක

 

වැයවන මිලට සරිලන සේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නියම කිරීමේ වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට පැවරෙන සේ පවතින නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි පනවා තිබේ .

මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් වන්නේ 2024 ජුනි මාසයට පෙර අදාළ නීති සංශෝධන කළ යුතු බවයි.

මේ වන විට විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය මහජන උපයෝගිතා කොමිසන් සභාව සතුවන අතර මුල්‍ය අරමුදලේ මග පෙන්වීම් අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ දී විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීය.

මුල්‍ය අරමුදල කියා ඇත්තේ එම වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට ලබා දෙමින් අදාළ නීති සංශෝධනය කළ යුතු බව යි .

මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ ඒ බව පහත සඳහන් ආකාරයෙන් සඳහන් වෙයි .

මෙම නිර්දේශය ක්‍රියාත්මක කිරීමත් සමග මහජන උපයෝගිතා කොමිසම බල රහිත වනු ඇති අතර එය වසා දැමීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *