සිසු ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා සරසවි ඇදුරන්ට සජබයත් එරෙහි වෙයි

 

සිසුන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය.

උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ප්‍රතික්ෂේප කිරීමේ සරසවි ආචාර්යවරුන්ගේ ක්‍රියා මාර්ගය පිළිගත නොහැකි බව කී ඒ මහතා වෘත්තීය සමිති තම ඉල්ලීම් දිනා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සොයා ගත යුතු බව ද ප්‍රකාශ කළේය.

මේ නිසා සිසුන්ගේ ජීවිතයෙන් වසරක් හෝ එකහමාරක් ඔවුන්ට අහිමි වන බව කී නලින් බණ්ඩාර මහතා සිසුන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට ගැනීම බරපතළ තත්ත්වයක් බව ද කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *