ලංවිම තියෙන මොඩලයෙන් තවදුරටත් යන්න බැහැ – ප්‍රතිව්‍යුහගතකිරීම අත්‍යවශ්‍යයි (VIDEO) – ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය

රට තුළ පවතින වෘත්තීය සමිතිවලින් ඇති බලපෑම වළක්වා ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

අද උසස් පෙළ උත්තර පත්‍ර බැලීමත් සිදුවන්නේ වෘත්තීය සමිතිවල කැමැත්ත අකමැත්ත අනුව වන අතර ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද පවතින මොඩලයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේය.

යෝජනා කර තිබෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව බලශක්ති ව්‍යාපෘති සඳහා විවෘත වෙළෙඳ පොළක් නිර්මාණය වනවා මෙන්ම එම වැඩපිළිවෙල අනුව නව බලාගාර ව්‍යාපෘතිවලට වෘත්තීය සමිතිවලට විරුද්ධ වීමේ ඉඩක් නොමැති වෙන බවයි ඔහු කියාසිටියේ.

කොළඹ LNW:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *