නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් දියත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. දැනට සිදු කෙරෙන සමාජ දැනුවත් කිරීම් ප්‍රමාණවත් නොමැති බවත් නිසි දැනුවත් කිරීමකින් පසු ජනමත විචාරණයකට යාමෙන් එය ජයගැනීමට හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමට යෝජිත සමාජ, ආර්ථික සහන සම්බන්ධයෙන් ධනපති පන්තිය විරුද්ධ වීමට ඉඩ ඇති අතර එයට විරුද්ධව නැඟී සිටීමට දැන් සිටම ක්‍රියාත්මක විය යුතු බව ද සඳහන් කරයි.

යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා ගෙන ඒමට පත් කළ අනුකමිටු හයේ මූලික වාර්තා මේ වන විට ඉදිරිපත් කැර අවසන් අතර එහි යෝජනා අනුව මූලික අයිතිවාසිකම්, අධිකරණ, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ස්වරූපය, රාජ්‍ය ව්‍යවසාය, බලය බෙදා හැරීම, මැතිවරණ ස්වරූපය, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් යටතේ කම්කරුවන් සඳහා ආරක්ෂිත සෞඛ්‍ය සේවාව, ජ්‍යෙෂ්ඨත්වය හා නිපුණත්වය මත උසස්වීම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනීම අගේ කළ යුතු බව ද කීය.

විවාහයක දී කාලත්‍රයාගේ සම්පූර්ණ කැමැත්ත තිබිය යුතු බවත් ඒ අනුව පුරුෂයාගේ මෙන්ම කාන්තාවගේත් කැමැත්ත මත පමණක් විවාහයක් සිදුවිය යුතු බවත් එමගින් යෝජනා වී තිබීම සාධාරණ බව ද පවසයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *